Wednesday, October 10, 2012

බාඳුරාවෝ





කොමද පුසුඹට
දියඹ විකසිත
තියා උපමන්
රොන් රසින්

දිදුල ඔපයට
නීල කොපුලත
සොයා රොන්
ඇදෙනා බිඟුන්

අනඟ රැඟුමට
බාඳුරා වත
ඉඟි කළා
නිල් නයනඟින්

ගිජුව රසයට
විදුල දස අත
දිවි පුදා උන්
යෙති සොවින්  !!!!!!!!


No comments:

Post a Comment