Sunday, June 30, 2013

සමු ගනිමි කෙලෙසේ




සිනා මල් වියැකී
කඳුලු නෙතු ඇහැරී
මතක මැද සැණෙලී
නිදයි ඈ නොසැලී

දුර ඇදේ ඈ
විදුලියක් සේ
කෙළි සිනා නෑ
මුවග පෙර සේ
රූ මැවේ පෙර
සිහිනයක් සේ
බිඳී බධු සිත්
කදාවක් සේ

සුදු වතින් සැරසී
දෑත මල් ගැවසී
සිහිනයක් සදිසී
ගියත් ඈ සමු දී ……………..  සමු ගනිමි කෙලෙසේ ...........