Wednesday, May 22, 2013

නාඳුනන රුවක්




හසරක් නොම දැන
පැටලෙන සිතිවිලි
සිත මගෙ සසල කරයි .........
කඳුලක සිසිලස
ගෙනා නුඹේ රුව
මගෙ මතකයට දුරයි .............
සිහින විමන් මැද
දෑඟිලි පැටලුනු
මුදු මල් සමය නිමයි ...........
පෙර මග හමුවන
නාඳුනනා රුව
මගෙ මතකයේ නොවෙයි ............