Tuesday, October 23, 2012

අම්මා



අවරගිර පුර සඳක් සේමා
අඳුරු  නුබ නැගෙනා 
තුමුල ගිර දිසි දසුන් සේමා
වදුල විනිවිදිනා 

පතන තෙත් කළ නදිය  සේමා
නිහඬ වෘත පුරනා 
සිලා ලිපියෙක කවය සේමා
කල්ප වස් වසනා

නෙතඟ මැවි රසඳුනක් සේමා 
තුන් කල්හි දකිනා
මධුර වීණා නදක් සේමා
සවන් යුග පිනනා 

සදා කල්  බැඳී දමක් සේමා 
මතු මතුත් පතනා
මව්නි නුඹ සිළුමිණක් සේමා
                                    සිතු පැතුම් සදනා


No comments:

Post a Comment