Wednesday, October 31, 2012

අහිමි මව් සෙනේ


සෙනේ උවනත සොයන 
සෝමාරි මුදු නෙතට 
කඳුලින් වරම් දුන් ළඳේ 

මව් ළමැද සුව පතන  
මොළකැටි බිලිඳුනට
තනිකම තිලින දුන් ළඳේ 

ඔත්පලව විස තුඩින 
ඔසු පතන කැකුලකට 
රිදුම් දායාද කළ ළඳේ

නුඹ නමින් ඉකි බිඳින  
සිත නැගුනු විරසකට   
අම්මා කියම්දෝ කෙසේ 


No comments:

Post a Comment