Tuesday, October 23, 2012

උන් යදින ජීවිතය





අයා නෙත කඳුළු පිරි
එබේ  රිය කවුළුවෙන්
දෝත පා දුලි පිරි 
ජිවිතේ යදී උන් 

රස බොදුන් පය වැකෙන
මැදුරු දොර අබිමුව
ඉඳුල්  පැදකුණු කරන 
උන් යදී ලොවක් නව 

සධන අදමිටු කැල
උන් යැදුම් නොදකිති 
සුපුන් මධු විත අසල    
පසන් තෙපුලින් රඟති 


No comments:

Post a Comment