Wednesday, October 10, 2012

ආයුබෝවන් සරසවි මව්නි



සලා තුරුපත් සර සරින්
මුදා රොන්සුණු මල් මතින්
හැමූ මද නළ වියළිලා
වසන්තය කිම වෙස් වලා .....
උදා නැකතේ සිරි ගැයූ
විහග ගී හද වෙණ වැයූ
නැගූ කිචි බිචි ස්වර බිදී
සියොත් කැල කොහි සැගවුණී .....
පුරා පෙරුමන් හමු වෙලා
සිව් වසක මතකය දරා
වෙන්ව යන කල එලඹිලා
සරසවිය සෝබර වෙලා.....

No comments:

Post a Comment