Thursday, October 18, 2012

හිරු නැති ලොවක












විපරම්  කළා  ලොව 
චෝදනා  මුවින් 
සිටියා බලා නුඹ 
ගොළු වූ වතින් 

සරදම්  කළා  සැම
කුල  ගොත්  නමින් 
සිටියා බලා නුඹ 
නොදොඩා මුවින්

හිරු පහන් නොවූ ලොව 
සම්මත බැමින්
එලිය දුනි තොසින් නුඹ
සඳු හිරු ලෙසින්  

 අසරණ වුණා මා 
නොසිතු  ලෙසින්
නැතිදා  ලඟින්  නුඹ  
තනි  විය   සොවින් 

සිහි  විය  එදා නුඹ  
මිමිණු  වදන් 
උකුලේ  හොවා  මා  
                                    සුමියුරු සරින් 



No comments:

Post a Comment