Saturday, October 13, 2012

සමුගැන්ම



" දුරස් වී යමු  හුදකලාවේ
සෝ සුසුම් සඟවා හදේ 
දියත හමුවේ සිනා නංවමු 
කඳුළු සඟවා නෙතු ඉමේ ......... "

මොහොතකට පෙර 
වෙන්ව යන්නට 
එදා අපි පාසල් බිමේ 
තාම මතකයි  
කියූ එවදන්
හද කොනේ 
සඟවා සෙනේ 

නමුදු  ……

දුරස් වී අප පිය නැගු මග
යලිත් හමු වුවා
සිනා පිබිදී කඳුළු වියැකී 
තවත් ලංවුවා 




No comments:

Post a Comment