Thursday, August 19, 2021

නවාතැන

 

එක්ව ආ දුරු මගේ

නැවතුමක් හමුවුණිද

සිත දැවුණ සුසානේ

තනිකමක් දැනෙනවද

 

ඉකිලන අඳුරු රැය

සෝ සුසුම් නගනවද

රැහැයි හඬ පරයාන ​

ඉකිබිඳුම්  ඇසෙනවද

 

අමාවක අහස් කුස

තනි තරුව පෙනෙනවද

සඳේ හීනෙන් ඇවිත්

ආදරෙයි කියනවද