Wednesday, October 31, 2012

තනි තරුවේ




නුඹ නාවත් රෑ  අහසට 
දුක හිතෙයිද  සඳ මඩලට 
තරු සිටියදී නුබ ඔපයට 
සර කොයින්ද තනි තරුවට ....
ඉකි බින්ඳත් වියෝ සොවින්   
දුක දැනුනද සඳ මඩලට                      
නුඹ මිදුනත් තරු පොකුරින්
වෙනසක් වෙද රෑ අහසට ......



අහිමි මව් සෙනේ


සෙනේ උවනත සොයන 
සෝමාරි මුදු නෙතට 
කඳුලින් වරම් දුන් ළඳේ 

මව් ළමැද සුව පතන  
මොළකැටි බිලිඳුනට
තනිකම තිලින දුන් ළඳේ 

ඔත්පලව විස තුඩින 
ඔසු පතන කැකුලකට 
රිදුම් දායාද කළ ළඳේ

නුඹ නමින් ඉකි බිඳින  
සිත නැගුනු විරසකට   
අම්මා කියම්දෝ කෙසේ 


Tuesday, October 30, 2012

ගතු කියන සිත













රැඳුණු රුව අසුන් කොන
වෙලී රස පහසේ 
සැඟවී ගියෙද දුර
ඈත හොර රහසේ 
දිලෙන තරු පොකුරු රැස
අඳුරු  රෑ අහසේ 
විමසා පෙළයි සිත
නුඹ ගැනම රහසේ 




නෞකාවකි මා



නැවතී බලා ඉමි
සිඳු හිමි  නමින් 
සැතපී ගිම් හරිමි
අපමණ බැතින්
වැතිරී ඇදී යමි 
හිමි ලැම මතින්
නොතැවී විඳ ගනිමි
 සංකා තොසින් 

අතුළ පාවඩ මැදින්
ස්වේත  පෙන නංවා
සැරද ලෙන්ගතු සිතින් 
පෙරටු කොට කැන්දා
පතල ගල් නේරු මැදින්
සමහිතව රන්දා 
දියන හිමි සඳු නිතින් 
වෙසෙස් පෙම් බැන්දා  

දිය වැල්  වා සුළි  
අඳුරු ආගාධයන්  
අවි අමෝරා සිටිත් 
විස දලැති  මුර්ගයන් 
යමි සොයා තොටමුණ 
වරකුදු නොසැලෙමින්   
                                    බිය නොවෙමි රැඳෙන තුරු
                                    සිලිලාර හිමි ලඟින් 


Tuesday, October 23, 2012

මතකය ඉකි බිඳී




නොකියාම ගිය නමුදු 
සිතු පැතුම් දරාගෙන 
හද පුරා නැගෙන මුදු 
මතකයකි ඉකි බිඳින 
දුක දරා හිනැහුනත් 
ලෝකයා අබිමුවට 
අපි අපිම දනිමු
අප අපට හිමි නැති අරුම
ඉතින් කුමකට හිඳිනු 
                                    මග බලා නුඹ නොඑන !






අම්මා



අවරගිර පුර සඳක් සේමා
අඳුරු  නුබ නැගෙනා 
තුමුල ගිර දිසි දසුන් සේමා
වදුල විනිවිදිනා 

පතන තෙත් කළ නදිය  සේමා
නිහඬ වෘත පුරනා 
සිලා ලිපියෙක කවය සේමා
කල්ප වස් වසනා

නෙතඟ මැවි රසඳුනක් සේමා 
තුන් කල්හි දකිනා
මධුර වීණා නදක් සේමා
සවන් යුග පිනනා 

සදා කල්  බැඳී දමක් සේමා 
මතු මතුත් පතනා
මව්නි නුඹ සිළුමිණක් සේමා
                                    සිතු පැතුම් සදනා


උන් යදින ජීවිතය





අයා නෙත කඳුළු පිරි
එබේ  රිය කවුළුවෙන්
දෝත පා දුලි පිරි 
ජිවිතේ යදී උන් 

රස බොදුන් පය වැකෙන
මැදුරු දොර අබිමුව
ඉඳුල්  පැදකුණු කරන 
උන් යදී ලොවක් නව 

සධන අදමිටු කැල
උන් යැදුම් නොදකිති 
සුපුන් මධු විත අසල    
පසන් තෙපුලින් රඟති 


Monday, October 22, 2012

මට නොතේරෙන අරුමය





බැඳුනු අත්වැල් එදා 
මල් පිපුණු පාරේ 
ගිලිහුනිද  තනි  වී 
තාමත් නොතේරේ  
මිලිනව වැටෙන සුදු 
මල් පොකුරු ගානේ 
නුඹ ගැනම තතු අසන 
අරුමය නොතේරේ 





කඳුළු බිඳුවක හැඩය




ගලා යන සිහිලට 
නෙතු අගින් ජනිතව 
සමතෙක් කියන් මට 
නොදන්නෙමි හැඩරුව  

විජය දද නගා ලොව 
ඉසිඹු ලද නිමේෂය 
අරුමය කියන් මට
කඳුළු බිඳු ගලා ගිය 

විඩාපත් හදවතට 
අහිමිව සියල් සත 
සහනය කියන් මට 
කඳුළු බිඳකින් ජනිත 

තොසින් ඔද වැටුණු සිත
සොවින් ඉකි බිඳින වත   
කියනු හැකි වෙද අරුත  
                                    කඳුලක්ම නෙත ජනිත  ??????



Thursday, October 18, 2012

ආයෙත් ඔබ එන්න


















නිදි බිඳින නෙතු කොන      
හීන මල් සුපිපෙන්න  
සිහින තාරකාවේ 
සුව සිහින ගෙන එන්න 

දෙතොලඟ දඟ කරන 
අරුමසිය පවසන්න 
සඳ තාරකාවේ 
නිහඬව කන් දෙන්න 

අඳුරු සිත ඉඟි මරන  
රූ සිරි දැක ගන්න 
පහන් තාරකාවේ 
එලි වැට දල්වන්න  

දිවි මග එලිය දෙන 
තාරුකා දල්වන්න 
මහද සඳවතියේ 
                                    ඇවිත් යන්නට එන්න