Thursday, September 19, 2013

සිනාසෙමි



වෙර නොබැඳි අතීතෙකි
ඔබද මා හමු වුණ
මතකය ද සිතුවමකි
ඉරි පිරී පෑ වැකුණ ......

පැතුම් සත් පියුමන්
නුඹ තලා දිය විසුල
ජීවිතය තඩාගෙකි
දිය සිඳී මල් වරණ .......

වැලපෙමින් දුර නොයමි
සිතිවිලි ගොළු ලෙසට
හෙට ද මම සිනාසෙමි
මගේ නැති බැරි කමට .........