Monday, October 15, 2012

මඩ ගොහොර මැද




දිලෙන මනු නෙතු යදින  
කඳුළු රන් කාසියේ 
සැඟව හසකැන් උවන 
මුලා වෙයි නැගණියේ 

බුර බුරා නැගෙන හද 
අග්නි දළු රාගයේ
නොකිලිටි සිත බොළඳ 
පුළුස්සයි  නැගණියේ

නෙක අමන චර විදුල 
මඩොල් පිරි ජීවයේ 
මනු සිරින් සිත උදුල
                                    වැජබෙන් නැගණියේ 




No comments:

Post a Comment