Monday, October 22, 2012

කඳුළු බිඳුවක හැඩය




ගලා යන සිහිලට 
නෙතු අගින් ජනිතව 
සමතෙක් කියන් මට 
නොදන්නෙමි හැඩරුව  

විජය දද නගා ලොව 
ඉසිඹු ලද නිමේෂය 
අරුමය කියන් මට
කඳුළු බිඳු ගලා ගිය 

විඩාපත් හදවතට 
අහිමිව සියල් සත 
සහනය කියන් මට 
කඳුළු බිඳකින් ජනිත 

තොසින් ඔද වැටුණු සිත
සොවින් ඉකි බිඳින වත   
කියනු හැකි වෙද අරුත  
                                    කඳුලක්ම නෙත ජනිත  ??????



No comments:

Post a Comment