Monday, October 15, 2012

පලා යනු පෙම්වත
















මුව බිනු මුසාවත 
රාග නිරුවත වසන 
සාරංග යුග දෙනෙත 
ප්‍රේම සළු පිලි මවන 

පිවිතුරු  පෙමක වත 
කිලිටි සිත නාඳුනන 
ඉඳුල් රැඳී නුඹේ සිත
ඇගේ උණුසුම පතන 

රැගෙන අනුරාග සිත     
ලොවට නුඹ සඟවන 
පලා යනු පෙම්වත 
පෙම සොයා නුඹ පතන


No comments:

Post a Comment