Thursday, October 18, 2012

ආයෙත් ඔබ එන්න


















නිදි බිඳින නෙතු කොන      
හීන මල් සුපිපෙන්න  
සිහින තාරකාවේ 
සුව සිහින ගෙන එන්න 

දෙතොලඟ දඟ කරන 
අරුමසිය පවසන්න 
සඳ තාරකාවේ 
නිහඬව කන් දෙන්න 

අඳුරු සිත ඉඟි මරන  
රූ සිරි දැක ගන්න 
පහන් තාරකාවේ 
එලි වැට දල්වන්න  

දිවි මග එලිය දෙන 
තාරුකා දල්වන්න 
මහද සඳවතියේ 
                                    ඇවිත් යන්නට එන්න 



No comments:

Post a Comment