හොවා ගෙතුළට හීන් හිරිකඩ
හමා යයි මුදු මද පවන් රොද
නුඹේ සිහසුන රැඳුණු පිල්කඩ
තෙමා තාමත් වැටේ හිරිපොද
වැළඳ දෑතින් යොමා අහසට
බැඳී සෙනේ නුඹ පෑ අපුරුව
නගා හංකිති පැසි රැවුල් කොට
පිරිමදී මා අරති සිඳ මුව
පපුතුරට වට උර වසාහල
පෑ වැකුණු පට පිළිකඩින්
පසු කරන් නුඹ තැනු කඩොවුල
එනු මැවේ මුව පිසලමින්
තනිකමින් සිත බිඳුණ වැල් ඇඳ
සුසුම්ලයි කිරි කිරි නදින්
ඇසේ තාමත් නුඹේ කවි පද
නුඹේ තාලෙට ගම් දොරින්
No comments:
Post a Comment