නුඹ නොදන්නෙහිද
ගියත් කියමින් මුසා
දෝතින් මුව වසා
හැඬුවෙමි ඉකි ගසා
නුඹට බැඳී පෙම නිසා
නුඹ එබැව් දන්නෙහිද
අපමණ ස්නේහයෙන්
හද ගැඹුරු ඉම නැගෙන
පෙම් කලෙමි මුළු හදින්
මවක් මෙන් දරු රකින
නුඹට
එය නොදැනුනිද
චෝදනා නගා නෙක
පලා ගිය නුඹේ රුව
දුර ඈත විමානෙක
දිටිමි සඳ නැති රැයෙක
නුඹ, මා රවටන්න සිතුවෙහිද
No comments:
Post a Comment