Saturday, November 10, 2012

මගෙ දුවේ

















කිරි සුවඳ මුව අයා 
නගන රන් සිනා කැන් 
කැලුම් දේ මිණි  නියා 
තිලිණ ලද තුසිතයෙන් 

නුඹ සිඟිති පා නගා 
සිහිනය හැඩ කළා 
සුදු කළු ම'දිවි මග    
පාට සිතුවම් කළා 

මගෙ දුවේ නුඹ නමින් 
කිරුළ හැර පලා එමි 
මහරු මව් පදවියෙන් 
                                    දූ නමින් ඔටුනු ලමි 


No comments:

Post a Comment