Monday, November 12, 2012

ආසිරි මල් වැසි


මංගල ගී නදින් රැව් නැගෙන දසතේ 
මහත් සුපැතුම් ගලනා 
සිහිනය උදා වී සොඳුරු සුභ නැකතේ 
අද අසිරි මල් වසිනා 

රුසිරු ලියකම් පිරුණු  මනරම්  
පෝරු මස්තකයේ   
වෙලා සුළැඟිලි රන්හුයෙන්  
මුල පුරන නව දිවියේ 

සෝ තැවුල් සිත නොවී නිබඳව 
පැතුම් සපිරේවා 
කටු කොහොල් මත මල් පිපී ලොව 
මග පහසු වේවා 

මගේ තැන ගෙන පිය මනින ඇය 
තුටින් වැජබේවා 
නුඹේ ලෝකය ජය ගන්න මතු 
සවිබලය  වේවා 

No comments:

Post a Comment