කරමි බුහුමන් සුදු මලින
බුදු සමිඳු අබිමුව නොවේ
අසුන මත පුත නුඹ නිදන
නොවැලපෙමි තනි වූ ලොවේ
කිරි සිනා මුව මැවේ නෙතු අග
පුතු නොමැති ගිනිගත් රැයේ
නුඹේ ගීතය පියෙකු සවනග
දැය මිදු කුසලින් ගැයේ
යලි හැරී පොඩි දොහේ මෙන්
දෑත ලෙලවා හුරතලෙන්
සමු නොගෙන පිය අවසරින්
සැඟවුණිද පුතු විරසකින්
No comments:
Post a Comment