මිටියාවත වසා
පාව ඒ කළු වලා
රෑ දිවා සඟවා
වලාහක නෙත් හෙලා
දියව දැව ගඩොල් බිතු
එබෙයි රළ අසා තතු
හිදැසින් රටා ගෙතු
ගෙපියස කියයි ගතු
දා කඳුළු වපුරමින්
කඹුරා දිවි හිමින්
සපල සත හැර සැනින්
යති නිදන හැඳිවතින්
දෙබෑ කර කළු දියෙන්
මතු විය කවට රැල
රඟති උන් සුදු වතින්
අමන ගති වසා හළ
පිනන යුග සවන් පෙති
උන් චාටු බස් බෙදති
කර වැටක් ගිලුණු නීති
නිදන දන අත් තලති
No comments:
Post a Comment