Saturday, November 10, 2012

නුඹේ සුවඳ


නැවුම් වා රැළි බිඳෙන  
නිහඬ මැදියම් රැයේ 
බකමුනු හඬ නැගෙන
ලෝ නිදන සුව පැයේ .........
සේපාලිකා මල් 
සුවඳ ගලනා පැයේ 
කොඳ කැකුළු සඳවතට 
මුකුළු පානා රැයේ ........
සරා සුව සිහිනයෙන් 
නුඹ ලංව ඉනු පෙනේ 
භවයෙන් භවේ විඳි 
                                    ලබැඳි පුසුඹක් දැනේ  ......


No comments:

Post a Comment