Monday, November 5, 2012

දෙලොවක වැස්ස




කලට පැන් ඉසි තණ මලුව මත  
අනෝරා වැසි වට ඇසිල්ලේ  
නැවුම් පුසුඹේ වෙලී ගත සිත 
තොසින් ඉපිලෙති උන් සඳැල්ලේ 

දුලි වැද ලොප අත්ල රේඛා    
දිස්න කර වට හින්නි වැස්සේ  
බියෙන් සලිතව ගුලිව යෙති මුන් 
සෙවිලි ගිලිහුණු වීදි නිවසේ 

නිමා සරතැස වියලි බිම සිඹ 
අසිරි වැස්සකි ඇද හැලෙන්නේ 
එකම නුබ යට විඳින විඳවන 
                                    අරුම කිමදෝ නොම හැඟෙන්නේ 


No comments:

Post a Comment