සැදෑ විල් තෙර මා සුරත ගෙන
පිය නැගූ මං පෙත මතින්
පා නගයි නුඹ ඈ සුරත ගෙන
මද සිනා පොපියන මුවින්
රොන් සැලේ රත් තඹර මුදුනත
බිඟු ඇදේ පෙර මෙන් නදින්
දිලේ විල නිල හෙටත් අද මෙන්
නැතත් නුඹ පෙර සේ ලඟින්
එදා මෙන් විල දිලෙන සියපත්
අත වනයි නොවෙනස් සිතින්
ලොව නොවේ වෙනසක් කිසිත්
අද මා පමණි විපරිත නෙතින්
No comments:
Post a Comment