සැලෙන නෙතු මැදියම් රැයේ
සොයයි ලෙන්ගතු රුව නුඹේ
සිනාසේ සඳ මේ රැයේ
සරදමක් සඟවා මුවේ
දිලෙන දිය මත සඳවතේ
ලප පලුදු ඇත සැඟවිලා
සැලෙන සිතිවිලි හිතුමතේ
කටුක රහසක සිරවෙලා
නැගී බිදිමින් වළා කඩතිර
සඳක් නුබ හිනැහේ
මුදාහල සඳ රුදුරු ගනදුර
සිතක් මතු සැනසේ
No comments:
Post a Comment