Monday, December 3, 2012

දුරක ගොස්



සොරාගෙන මගේ හසරැලි 
සිනාසේ නුඹේ ලොව අද 
සමාකල නුඹේ කඳුලැලි 
වෙලා ඇත මගේ ලොව අද  

දොසක් කිසි නොවේ සිත තුල 
එදා මෙන් බැඳේ සිතිවිලි 
සිතක් කළඹමින් මතු කල 
හැඟුම් නොම ගෙනේ රිදවිලි 

පැමිණ නුඹ යලිදු අඳුරෙන් 
නොම බිඳින් සිහින සිතිවිලි
දුරක ගොස්  නුඹේ මානෙන් 
හද නිදයි වසා පියවිලි  


No comments:

Post a Comment