Sunday, December 2, 2012

සිතක සැනසුම



සපල දිය බිඳ  කතර මග පැතු 
නුඹේ ආදරයයි 
හසර නොම දුටු දිවි මගේ මතු
මග පහන් එළියයි

විඩාබර සිත ඉහිල් කරලන
මහරු දිව ඔසුවයි  
දැවෙන දිවි බිම ගිම් නිවාලන 
විසල් තුරු සෙවණයි  

ලසෝ හිම මැද සොයන උණුසුම 
සදා ඔය තුරුලයි 
දුකින් මුදවන මහද සැනසුම
නුඹේ ආදරයයි  


No comments:

Post a Comment