Monday, December 3, 2012

නවමු ඇරඹුම



හද සෙනේ දවටා තෙපලු වදන් 
අද දිනේ හමු වී නොසිතූ ලෙසින් 
සිතිවිලි පිරී සිත ඉපිලේ තොසින් 
පිලිගතිමි ඇරයුම සෙනෙහේ නමින්  

තිලින දී හසකැන් දෛවය ලෙසින්
ඔය සෙනේ මා ලද තිලිනෙකි උතුම් 
මගෙ ලොවට පායා හිරු සඳු ලෙසින්
ඔය සිතට අවසරයි  ඉන්නට  ලඟින් 

පිළිවදන් අබිමුව ඔය නෙතු අගින්
කඳුලක් නැගුණු මතකය උතුම් 
කවි පද බැඳෙනුයේ  මතු නුඹ නමින්
රැඳී ඉමි නිරතුරු සෙවනැල්ල මෙන් 


No comments:

Post a Comment