Thursday, February 21, 2013

අකල් වැස්ස




උයන පිරි මල් සලා
සමනලුන් ඉඟි කළා
කටු තුඩින් මුව වසා
සෙනේ සිතුවම් කළා

පාව මේ කුලින්
කාල නුබ සැරසුණා
අකලට මහා වැහි
වැටෙන බැව් සිහි වුණා

තෙමා පෙති සියුමැලි
වැහි බින්ඳු විසිරුණා 
බැතිබර මල් පියලි
පින් පාට සේදුණා



No comments:

Post a Comment