Tuesday, February 19, 2013

අහිමි




දිලෙන නිවෙන තරු රෑ අහසේ
දිවා නුබට අහිමී
පිපෙන මියෙන සපුමල් වදුලේ
සුවඳ රැයට අහිමී

එක්ව නැගූ සුන්දර සිහිනේ
නුඹට මටද අහිමී
නුඹම සොයන රෑ තුන් යාමේ
මසිත මටම අහිමී

නැගෙන බිඳෙන රළ පෙල ගානේ
සයුරු ගැඹුර සැඟවේ
බසින නගින හිරු සඳු ගානේ
දිවිය තෙරට ළංවේ

එබී හිඳින සඳ නුඹ සිහිනෙන්
සුවැති සිහින බොඳ වේ
නුඹේ සුවඳ රැඳි ඒ මතකෙන්
මගේ ලොවම ඇවිලේ

No comments:

Post a Comment