Tuesday, February 19, 2013

සරුංගලය




සුළං සැරට උජාරුවට
ඇදී යනව නුඹ ඈතට
අහසක් වී පුංචි හිතට
දුන් පොරොන්දු මහ ඉහලට

නුඹ යන මග හුරතලයට
බලා හිඳින පුතු දෑසට
නෑ වෙහෙසක් පුංචිකමට
නූල රැඳුනු සිඟිති අතට

සවිමත් නැති සිඟිති අතට
රිදවා නුඹ යයි ඈතට
අයිතිය ගෙන මගේ පුතුට
එපා දිනෙක යලි එන්නට


No comments:

Post a Comment