Saturday, April 13, 2013

නපුරු සිහිනය




සෙයාරූ දුර මාවතේ
බොඳව යයි නෙතු මානයේ
කඳුලු අහුරකි ආදරේ
විමන් බිඳි එක හීනයේ

නුඹම මැව් රූ යා නොදේ
ඔත්පලව සිත වා බිඳේ
සැඩ සුළං මැද ආදරේ
සිහින මන්දිර බිතු සැලේ

සාදු වෙස් බැඳි රස් වනේ
අසිරි සඟවා නෙතු ඉමේ
අනත රජයන සිත් කොනේ
නපුරු සිහිනෙකි ආදරේ


No comments:

Post a Comment