Monday, April 15, 2013

නොදත් කිවිඳුන්



සිකර කඳු සිසාරා
සප්ත සර රැව් නගන
නිලඹර පත් සලා
සියොතුනේ ඇදී යන

දින මුවේ මියුලැසින්
දනෝ නෙතු පුබුදන
කවුරුන්ද කිවිඳුන්
සියොත් ගී පබඳින

සිංගාර වෙණ නදින්
මධුර තනුවෙකි වැයෙන
බොහෝ වෙද සුරුවන්
තුන් ලයෙන් ස්වර නගන




No comments:

Post a Comment