Monday, April 25, 2022

නමක් නැති

මගේ වෙන්නෙත් නැතී

දමා යන්නත් බැරී

බැඳීමක් ඇති නම නැතී

නිබද මුව හසරැල් පිරී

 

හිතේ ගැඹුරක මග හැරී

කලක සිට සුරැකිව ඇතී

දුරට නොගියද සිත පිරී

ගැඹුරු නැති මතකය ඇතී

 

දෑත් බැඳ නතරව නැතී

හිඳී සිත ලඟ ගැටි ගැටී

ලඟින් නැතිමුත් තනි නැතී

එපා වෙන්නෙත් නැති හැටී





No comments:

Post a Comment