ගොදුරු ගෙන, කැදැල්ලට
නිහඬ වක්කඩ ගාව
පියාඹන ඇසිල්ලට
ඉසිඹු ලද නිමේෂය
සංකාව දරා හිඳ
හිරිවැටුන ලිහිණි සිත
හෙමි හෙමින් කිති කවන
ගිරවියට සෙනේ බැඳ
පාලු රෑ කළුවරක
කොළ සිදුණු ගිමන් කල
ගී ගයයි ලිහිණියක
කොට්ට අතු පතර හිඳ
ලිහිණි බැමි සිඳ
සෙනේ පා ඇත
සිතු පැතුම් මැද
කඳුලු වැල් ඇත
ගිරවි යන දින
මුළු ලොවක් බිඳ
අහෝ ලිහිණිය
තනි නොවේවිද
No comments:
Post a Comment