රෑ සඳට තරුවක් වෙලා
ගනදුර ට පහනක් වෙලා
හිඳිනු මට තව ළං වෙලා
ජීවිතේ මගෙ නුඹ වෙලා
මැදියමේ සුව සිහිනයේ
ඇවිද යයි සුරතේ වෙලී
නෙතු හැරී පිබිදෙන පැයේ
ඇය හිඳී පපුතුර වෙලී
කතර මැද ගිම්හානයේ
නුඹ ඇදේ සුරඟනක සේ
ලංවුනත් නොසිතුව ලෙසේ
පලා එමි ඈ හැර කෙසේ
No comments:
Post a Comment