Thursday, August 22, 2013

විහඟ පත් බිඳී



ගලන කඳුලැල් රිදුනු නයනග
විහඟ සිතකට බර නොවේ
දිනෙක තෙත් බර මිලින මුව අග
සිනා මල් නොපිපුණි නොවේ

සිහින බිඳුණ ද අරුම දිවි මග
කඳුලු සයුරක හැඩ නොවේ
තුටින් පොපියන නවමු මං පෙත
දුරින් දුර රැඳුනා නොවේ

සැණින් මිලිනව සැඟව යන වග
නොදැන මග බැලුවා නොවේ
ඉගිල යන්නට සතුට සොයමින්
බිඳුනු පත් සවිමත් නොවේ


No comments:

Post a Comment